Tokyo හි නවතම Covid තතු


ජපාන අගනුවර මාර්තු 26 වන දින නව Corona වෛරස් අසාදිතයන් 7,440 ක් වාර්තා වූ බව ටෝකියෝ හි මෙට්‍රොපොලිටන් රජය වාර්තා කළේය.

.

ජපාන අගනුවර මාර්තු 26 වන දින නව Corona වෛරස් අසාදිතයන් 7,440 ක් වාර්තා වූ බව ටෝකියෝ හි මෙට්‍රොපොලිටන් රජය වාර්තා කළේය.

 

මෙම ආසාදිතයින් 7,440 න් 3,734 කට COVID එන්නත් දෙකක් ද, 94 කට එක් එන්නතක් ද ලබා දී තිබේ. 2,072 කට එන්නත් ලබා දී නොමැති අතර 1,540 ක එන්නත් තත්ත්වය නොදන්නා බව පැවැසේ.

 

මාර්තු 26 වන විට, ටෝකියෝවේ කොරෝනා ආසාදිතයින් වෙනුවෙන් නම් කර ඇති ඇඳන් 27%   එනම් ඇඳන් 7,229 න් 1,955 ක් පුරවා ඇති අතර දරුණු රෝගීන් සඳහා  භාවිතයේ ඇති ඇඳන් 14.1% එනම් ඇඳන් 804 න් 113 ක් පුරවා තිබේ .

 

මාර්තු 26 වන දින COVID-19 මරණ 18 ක් වාර්තා වූ අතර ටෝකියෝවේ මුළු Corona මරණ සංඛ්‍යාව 4,132 ක් වේ. 

 

ටෝකියෝවේ මේ දක්වා ආසාදන 1,212,905 ක් වාර්තා වී ඇති අතර එය ජපානයේ ප්‍රාන්ත 47 න් වැඩිම සංඛ්‍යාව වේ.

142 Views

Comments