ලෝක නගරාධිපතිවරු න්‍යෂ්ටික අවි අහෝසි කිරීම සඳහා මහ නගර සභා වල කාර්යභාරය සාකච්ඡා කරයි.


න්‍යෂ්ටික අවි අහෝසි කිරීමට මහ නගර සභාවල කාර්යය සාකච්ඡා කෙරේ

.

ලොව පුරා නගර සභා 8,000 ක පමණ සංවිධානයක් ජපානයේ හිරෝෂිමා හි රැස්වී න්‍යෂ්ටික අවි අහෝසි කිරීම සඳහා බලපෑම් කරමින්, ඔවුන්ගේ එක් එක් අරමුණ සඳහා කළ හැකි දේ සාකච්ඡා කර ඇත. 

 

රටවල් නවයක මහ නගර සභා 93 ක නියෝජිතයෝ බදාදා සාමය සඳහා වූ නගරාධිපතිවරුන්ගේ මහා සමුළුවට සහභාගි වූ අතර තවත් බොහෝ දෙනෙක් අන්තර්ජාලය හරහා සහභාගී වී ඇත. 

 

සහභාගිවන්නන් තම ක්‍රියාකාරකම් ක්‍රමානුකූලව සමාජ මාධ්‍යවල පළ කිරීමට තීරණය කර ඇත. ඒ තරුණ පරම්පරාවන්ට සාමයේ වටිනාකම අවබෝධ වනු ඇතැයි සහ වැඩි පිරිසක් සංවිධානයට සහාය වනු ඇතැයි යන අපේක්ෂාවෙනි.

97 Views

Comments