චීනයේ සහ රුසියාවේ වැඩෙන තර්ජන මධ්‍යයේ මිත්‍ර පාක්ෂිකයින් ඔවුන්ගේ ආරක්ෂාව තර කර ගැනීමට උත්සාහ කරන බැවින් නිරිතදිග ජපන් දූපත් ආරක්ෂා කිරීමේ කර්තව්‍ය වෙනුවෙන් තම හමුදාව උපරිමයෙන් කැපවී සිටින බව" පැසිෆික් කලාපයේ එක්සත් ජනපද මැරීන් බලකායේ ප්‍රධානියා ලෙස කටයුතු කරන ලුතිනන් ජෙනරාල් Steven Rudder සිකුරාදා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
ජපාන ආරක්ෂක අමාත්‍ය Nobuo Kishi සමඟ පැවති සාකච්ඡා ආරම්භයේදී Rudder කියා සිටියේ එක්සත් ජනපද නාවික හමුදාව බටහිර පැසිෆික් කලාපයේ නැගෙනහිර චීන මුහුදේ දූපත් වල සිට විහිදෙන ඊනියා පළමු දූපත් දාමය කෙරෙහි සිය අවධානය යොමු කර ඇති බවයි.
"ජාත්‍යන්තර දින රේඛාවට බටහිරින් ඇති අපගේ හමුදාවන් හා එක්ව අපගේ ජපන් සත්කාරකයාගේ සහාය ඇතිව පළමු දූපත් දාමයේ දිගටම ජීවත් වීම, පුහුණු කිරීම සහ වැඩ කිරීම සිදු කරන්නෙමු. කලාපය තුළ එක්සත් ජනපදයේ සහ ජපානයේ යුධමය සූදානම සහතික කිරීම සඳහා හැකියාවන් සහ උපක්‍රම වර්ධනය කිරීමට අපි අපේක්ෂා කරන්නෙමු " යනුවෙන් තවදුරටත් අදහස් දක්වමින් Rudder ප්‍රකාශ කළේය .