ජපානයේ තේ සංඟමය (Japan Tea Association), ශ්රී ලංකා තානාපති කාර්යාලය හා එක්ව ජපන් තේ ලෝලීන් අතර ශ්රී ලාංකේය තේ ප්රවර්ධනය කිරීම සඳහා සම්මන්ත්රණයක් සංවිධානය කරන ලදී. තානාපතිතුමා මෙම සම්මන්ත්රණයෙහිදී ශ්රී ලංකාවේ තේ නිශ්පාදනය කෙරෙන කලාප 07 පිළිබඳව සහ එම එක් එක් කලාපයේ තේ වල සුවිශේෂත්වය ඉස්මතු කරමින් පිළිගැනීමේ කතාව ඉදිරිපත් කරන ලදී. ශ්රී ලාංකේය තේ පිළිබඳ සවිස්තරාත්මක වීඩියෝ දර්ශන, නිවැරදිව තේ කෝප්පයක් පිළියෙල කරගන්නා ආකාරය සහ තේ රස පරීක්ෂාව යන අංග රැසක් මෙම සම්මන්ත්රණයට ඇතුළත් විය.