රුසියාවේ යුක්‍රේන ප්‍රහාර හෙලා දකින ජපානය


කියෙව් නගරයට නුදුරින් පිහිටි යුක්‍රේන නගරවල සිවිල් වැසියන්ට වූ ප්‍රහාර “ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක්?

.

කියෙව් නගරයට නුදුරින් පිහිටි යුක්‍රේන නගරවල සිවිල් වැසියන්ට වූ ප්‍රහාර “ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක්” ලෙස තමන් දැඩි ලෙස හෙළා දකින බව ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා අද දින වාර්තාකරුවන්ට පැවැසුවේය. 

  

රුසියාවට එරෙහිව තවදුරටත් සම්බාධක පැනවීමේ දී ජාත්‍යන්තරය සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් , "ජපානය කළ යුතු දේ ස්ථිරව ඉටු කරන" බව කිෂිඩා තව දුරටත් පැවසීය.

 

යුරෝපීය නායකයින් දැනටමත් වාර්තා වී ඇති ප්‍රහාර හෙළා දැක ඇති අතර, ජපානය රුසියාවට එරෙහිව මෙතෙක් පැනවූ සම්බාධක සියල්ලක්ම එක්සත් ජනපදය සහ අනෙකුත් බටහිර ජාතීන්ට අනුකූලව පනවා ඇති බව වාර්තා වේ.

Comments