Toyota බ්‍රිතාන්‍ය සමග electric වාහන නිෂ්පාදනයේ


බ්‍රිතාන්‍ය රජය එරට සම්පූර්ණයෙන්ම විදුලි මෝටර් රථ සඳහා පරිවර්තනය වීමක් සැලසුම් කිරීමත් සමඟ ටොයෝටා

.

බ්‍රිතාන්‍ය රජය එරට සම්පූර්ණයෙන්ම විදුලි මෝටර් රථ සඳහා පරිවර්තනය වීමක් සැලසුම් කිරීමත් සමඟ ටොයෝටා සමාගම එරටත් සමග ඇති වෙළඳ ගනුදෙනු නවතා දමනු ඇතැයි සිදුවූ ප්‍රචාර වලට පිළිතුරු දෙමින් පසුගියදා ටොයෝටා සමාගම නිවේදනයක් නිකුත් කර තිබ්බේ.

 

ඒ අනුව ඔවුන් පවසා තිබුණේ බ්‍රිතාන්‍ය රජය වෙත සම්පූර්ණයෙන්ම විදුලි මෝටර් රථ සඳහා පරිවර්තනය වීමට ටොයෝටා සමාගමේ නොමද සහය ලබා දෙමින් තවදුරටත් ඔවුන් හා වෙළඳ කටයුතු වල නිරතවන බවයි.

 

ඒ අනුව වර්ෂ 2035 වන විට hybrid මෝටර් රථ වල පරිවර්තනයක් සිදු කරමින් බ්‍රිතාන්‍ය රජයට අවශ්‍ය පරිදි එහි වෙළෙඳ පළට ගැලපෙන ලෙස සම්පූර්ණ විදුලි මෝටර් රථ නිෂ්පාදනයට බ්‍රිතාන්‍ය තුළ අවශ්‍ය ලෙස කර්මාන්ත ශාලා පවා පිහිටුවීමට ඔවුන් සූදානම් බව එම නිවේදනයේ තවදුරටත් සඳහන් කර තිබිණ.

Comments