අතුරුදන් විදේශිකයන් දෙදෙනා සොයා මෙහෙයුම් තවදුරටත්


ඔවුන් හිම සහිත කඳු මත ලිස්සා ගොස් ඇති බව විශ්වාස කෙරේ.

.

Nagano ප්‍රාන්තයේ KotaniOtari Hakuba Norikura කන්දේ නැඟෙනහිර බෑවුමේ හිම කුණාටුවකට හසු වූ විදේශිකයන් පස් දෙනෙක් අද(30) උදෑසම කඳු පාමුල ඇති ස්කී රිසෝට් වෙත පැමිණ සිටියදී සොයාගන්නා ලදී.

කෙසේවෙතත් ඔවුන් සමඟ ගිය දෙදෙනෙක් තවමත් පැමිණ නැත.

ඔවුන් දෙදෙනා ස්කී රිසෝට් එකෙන් පිටත නඩත්තු නොකළ හිම සහිත කඳු මත ලිස්සා ගොස් ඇති බව විශ්වාස කෙරේ. 

ඔවුන් සිහිසුන්ව සිටින බවට තොරතුරු ලැබී ඇති බවද ප්‍රාන්ත පොලිසිය පවසයි.

ඒ අනුව ප්‍රාන්ත පොලිසියේ ගලවා ගැනීමේ කණ්ඩායමේ සාමාජිකයින් 12 දෙනෙක් ඔවුන් සොයා මෙහෙයුම් අරඹා ඇත.

 

131 Views

Comments