කුඩා කුප්පියක් රුපියල් 86000 වන **ටෛෆ් රෝස**


සෞදි අරාබිය කියූ පමණින් සිහියට නැගෙන්නේ කාන්තාර විලින් පිරුණු වියළි භූමියක් වෙයි. නමුත්, බටහිර සෞදි අරාබියේ ??

.

සෞදි අරාබිය කියූ පමණින් සිහියට නැගෙන්නේ කාන්තාර විලින් පිරුණු වියළි භූමියක් වෙයි. නමුත්, බටහිර සෞදි අරාබියේ කඳුකරයේ පිහිටා ඇති ටෛෆ් (Taif) නගරය රටේ අනෙකුත් ප්‍රදේශවල මෙන් ශුෂ්ක දේශගුණයෙන් තොර වන අතර එය සෞදියේ නිල නොවන ගිම්හාන අගනුවර ලෙසද හැඳින්වේ.

 

ටෛෆ් නගරය රෝස නගරය ලෙස හැඳින්වෙයි. ඒ එම ප්‍රදේශයට ආවේණික, පෙති 30 කින් සමන්විත ටෛෆ් රෝස මල් (විද්‍යාත්මක නාමය: Rosa damascena trigintipetala) හේතුවෙනි. (trigintipetala යන්නෙහි තේරුම පෙති 30 ක් යන්නයි). ටෛෆ් ප්‍රදේශය අවට වාඩි (wadi යන වදනේ තේරුම වියළි නිම්නය වෙයි) සහ කඳුකරයේ වැඩෙන රෝස මල කැපී පෙනෙන සුවඳකින් යුක්ත වෙයි.

 

සෑම වසන්තයකම, වාඩි මහරම් (Wadi Mahram) නිම්නයේ සිට නගරයට දකුණින් පිහිටි අල් ෂෆා (Al Shafa) හි මීටර් 2,500 ක් උස කඳුකරය දක්වා ප්‍රදේශය පුරා රෝස පඳුරුවල මල් හටගන්නා අතර, වාණිජමය වශයෙන් රෝස වගාකරන ගොවිපළ 900 කට වැඩි ප්‍රමාණයකින් මිළියන 300 කට වඩා වැඩි රෝස මල් ප්‍රමාණයක් නෙළාගනු ලබයි.

 

ලොව මිල අධිකම රෝස තෙල් නැතහොත් අත්තර් සහ රෝස වතුර ආසවනය කිරීම ටෛෆ් නගරය ආශ්‍රිතව සිදුකරන අතර ජවන්චි (Givenchy) වැනි ලොව සුප්‍රසිද්ධ, සුඛෝපභෝගී සන්නාමවල සුවඳ විලවුන් සඳහාද මිශ්‍ර කරනු ලබයි.

 

ග්‍රෑම් 12 ක් පමණක් අඩංගු වන රෝස අත්තර කුඩා තෝලාවකට (tolah යන්න "කුප්පිය" යන තේරුම ගෙන එයි) සෞදි රියාල් 1,600 (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් 86,500) තරම් මිලක් ලැබේ

155 Views

Comments