Tera Ango තුළින් ජපානයේ බෞද්ධ සිද්ධස්ථාන වෙතට


ජපානයේ Homestay සමාගමක් වන Familyinn විසින් Tera Ango නමින් සේවා වේදිකාවක් හදුන්වා දී තිබේ. Tera

.

ජපානයේ Homestay සමාගමක් වන Familyinn විසින් Tera Ango නමින් සේවා වේදිකාවක් හදුන්වා දී තිබේ. Tera යනු "පන්සල" වන අතර ango යනු ජපන් භාෂාවෙන් "බෞද්ධ භාවනා විවේකයක්" යන්නයි. 

 

ජපානයේ පසුගිය වසර කිහිපය තුළ බෞද්ධ විහාරස්ථානවලට පැමිණෙන සහ ඒවාට මූල්‍යමය වශයෙන් ආධාර කරන පුද්ගලයින්ගේ සංඛ්‍යාව අඩු වීම නිසා Tera Ango හදුන්වා දී තිබේ. ප්‍රාදේශීය ප්‍රජාවන්, විශේෂයෙන්ම තරුණ පරම්පරාවන් සමඟ නව සබඳතා ගොඩනඟා ගනිමින් පන්සල් කෙරෙහි ඇති උනන්දුව පුනර්ජීවනය කිරීම මෙහි බලාපොරොත්තු වේ.

 

මෙහි මූලික විහාරස්ථාන හතරක්  අන්තර්ගත වන අතර සෑම විහාරස්ථානයක්ම පිරිසිදු කිරීමේ සහ ඉවුම් පිහුම් රාජකාරි, භාවනාව සහ සූත්‍ර කියවීම, මෙන්ම ළමයින්ට සහ ජපන් නොවන විදේශීය අමුත්තන්ට රැඳී සිටීමට ප්‍රවේශය ඇතුළුව තරමක් වෙනස් අපේක්ෂාවන් සහ අවස්ථා ලබා දෙයි. 

 

Koyasan Ekoin පන්සල (ඉටෝ දිස්ත්‍රික්කය- වකයාමා ප්‍රාන්තය) , Gomagyo

Kawase Kannon Entsuji  පන්සල (Yame දිස්ත්‍රික්කය- Fukuoka ප්‍රාන්තය) , Koninji පන්සල (Sado දිස්‌ත්‍රික්‌කය - Niigata ප්‍රාන්තය)  සහ Kakueinbo පන්සල ( මිනමිකෝමා දිස්ත්‍රික්කය - යමනාෂි ප්‍රාන්තය)  යනු එම ස්ථාන වේ. 

 

මේ පිළිබඳව වැඩිදුර විස්තර මෙම බාහිර සබැඳිය මඟින් ලබා ගත හැකි වේ. 

https://soranews24.com/2022/03/29/tera-ango-now-offers-the-chance-to-live-and-take-part-in-daily-practices-at-a-buddhist-temple/

Comments