අභ්‍යවකාශ ඒජන්සියට ගගනගාමී අයදුම්පත් භාර ගැනේ


වසර 13 කට පසු ප්‍රථම වරට ජපානය ඒජන්සියට නවකයින් බඳවා ගැනීම් ආරම්භ කළ බැවින්, JAXA සඳහා ගගනගාමීන් වීමට 4,000 කට අධික පි??

.

වසර 13 කට පසු ප්‍රථම වරට ජපානය ඒජන්සියට නවකයින් බඳවා ගැනීම් ආරම්භ කළ බැවින්, JAXA සඳහා ගගනගාමීන් වීමට 4,000 කට අධික පිරිසක් ඉල්ලුම් කර ඇති බව රජයේ ආරංචි මාර්ග පවසයි.  

 

ජපාන අභ්‍යවකාශ ගවේෂණ නියෝජිතායතනය ප්‍රථම වරට අයදුම්කරුවන්ට විශ්ව විද්‍යාල අධ්‍යාපනයක් තිබීමේ අවශ්‍යතාවය ඉවත් කිරීම නිසා වාර්තාගත පුද්ගලයින් සංඛ්‍යාවක් අයදුම් කර ඇත. පුළුල් අත්දැකීම් ඇති පුද්ගලයන් බඳවා ගැනීමේ බලාපොරොත්තුවෙන් මෙම වෙනස සිදු කර තිබේ. 

 

අයදුම්කරුවන්ට මාර්තු අග වන විට අවම වශයෙන් වසර තුනක සේවා පළපුරුද්දක් තිබිය යුතු අතර, මූලික පරීක්ෂාවකින් පසුව තෝරාගත් අය සදහා විභාග වට හතරක් පැවැත්වේ. මෙහිදී සමහර අධ්‍යයන සුදුසුකම් බැලෙන අතර ලබන වසරේ පෙබරවාරි මාසය වන විට බඳවා ගැනීමේ ක්‍රියාවලිය අවසන් කිරීමට JAXA අපේක්ෂා කරයි.

120 Views

Comments