කාර්යාල දුරකථනය අයථා ලෙස යොදාගත් පුද්ගලයා


බටහිර ජපන් නගරයේ රජයේ පිරිමි සේවකයෙකු රාජකාරියෙන් තොර වේලාවන්හිදී කාර්යාලීය දුරකථනයකින්

.

බටහිර ජපන් නගරයේ රජයේ පිරිමි සේවකයෙකු රාජකාරියෙන් තොර වේලාවන්හිදී කාර්යාලීය දුරකථනයකින් ජෝඩු ගැලපීමේ සේවාවක් නැවත නැවතත් ඇමතීම නිසා ඔහුට අනතුරු ඇඟවීමක් ලබා දී ඇති බව Mainichi Shimbun පළාත් පාලන ආයතනය වාර්තා කළේය. 

 

ඇමතුම් සඳහා යෙන් 4,400 ක් පමණ නාගරික රජයෙන් අය කර ඇති බව පැවැසේ .නගරාධිපති යටතේ ඇති දෙපාර්තමේන්තුවකට අයත් සේවකයා එම මුදල් ආපසු නගරයට ගෙවා තිබේ . "මම එය වැරදි බව තේරුම් ගත්තේ නෑ. මට සමාවෙන්න " යනුවෙන් ඔහු පවසා ඇත . 

 

ඔහුගේ නොමනා හැසිරීම ප්‍රාදේශීය රාජ්‍ය සේවා පනත යටතේ විශ්වාසනීයත්වයට හානි කරන ක්‍රියාවක් බව තීන්දු කරමින් රජය ඔහුට පසුගියදා දඬුවම් කර තිබේ .

131 Views

Comments