මානුෂීය ආධාර ලබා දීමට එකඟ වූ ජපානය 


රුසියාව විසින් ආක්‍රමණය කර ඇති යුක්‍රේනයෙන් ඉවත් වූවන් 20 දෙනෙකු ජපාන රජයේ ගුවන් යානා මගින් ටෝකියෝ හි Haneda ගුවන්

.

රුසියාව විසින් ආක්‍රමණය කර ඇති යුක්‍රේනයෙන් ඉවත් වූවන් 20 දෙනෙකු ජපාන රජයේ ගුවන් යානා මගින් ටෝකියෝ හි Haneda ගුවන් තොටුපළ වෙත අමාත්‍ය Hayashi සමඟ ළඟා විය .

 

ජපානය විසින් මෙලෙස පැමිණි පුද්ගලයින්ට රැකියා කිරීමට හැකියාව ලැබෙන පරිදි වසරක වීසා බලපත්‍රයක්, ජීවන වියදම්, වෛද්‍ය ප්‍රතිකාර සඳහා මුදල් මෙන්ම ජපන් භාෂාව ඉගෙනීමට සහ රැකියා පුහුණුව සඳහා අධාර  සහ මිතුරන්, පවුලේ අය නොමැති යුක්‍රේනුවන් සඳහා, තාවකාලික නවාතැන් සූදානම් කිරීමට නියමිතය. 

 

ජාත්‍යන්තර නියෝජිතායතන සහ රාජ්‍ය නොවන සංවිධාන සමඟ සහයෝගයෙන් කටයුතු කරන අතරම භූමියේ තත්ත්වයන්ට ගැළපෙන සියුම් ප්‍රතිචාර සපයමින් ඩොලර් මිලියන 200ක් යුක්‍රේනු සරණාගතයන් වෙනුවෙන් ආධාර වශයෙන් ලබාදීමට ජපාන රජය තීරණය කර තිබේ

Comments