covid වසංගතය ලෝකයෙන් තුරන් කරනු වස් ලෝක සෞඛ්‍ය සංවිධානය, එක්සත් ජාතීන්ගේ සංවිධානය හා වෙනත් ප්රමුඛ සංවිධාන එක්ව දියත් කරනු ලබන ගෝලීය එන්නත් කරන වැඩපිළිවෙළට ජපානය විසින් ඩොලර් මිලියන 500 ක දායකත්වයක් ලබාදීමට සූදානම් බව ජපාන අගමැති පසුගිය සිකුරාදා නිවේදනය කළේය.
ඔහු මෙලෙස නිවේදනය කරනු ලැබුවේ පසුගියදා ලෝක නායකයන් එක්ව පවත්වනු ලැබූ COVAX එන්නත් කරන සමුළුවේදී ය .
මේ වන විටත් ජපානයේ මෙම වැඩසටහන් සඳහා ඩොලර් බිලියන 1 ක දායකත්වයක් සපයා දී ඇති අතර ඉදිරියේදීත් ලෝකයේ එන්නත් සපයාගැනීමේ අපහසුවෙන් පෙළෙන රටවල කොවිඩ් වසංගතය තුරන් කිරීම සඳහා දියත් කරන එන්නත් කරන වැඩසටහන් සඳහා මෙලෙස අරමුදල් ලෙස හෝ එන්නත් ලෙස දායකත්වය ලබාදීමට සූදානමින් සිටින බව අගමැතිතුමන් ඔහුගේ ප්‍රකාශයේ දී වැඩිදුරටත් සඳහන් කළේය.