ජපානයේ අගනුවර අප්‍රේල් 11 වන දින නව Corona ආසාදිතයින් 4562 ක් වාර්තා වූ බව ටෝකියෝ මෙට්‍රොපොලිටන් රජය නිවේදනය කළේය.
නව ආසාදිතයන් 4562 න් 2087කට COVID එන්නත් දෙකක් ද, 63 කට එක් එන්නතක් ද ලබා දී තිබේ. ආසාදිතයින් 1190කට එන්නත් කර නොමැති අතර 1222 ක එන්නත් තත්ත්වය නොදන්නා බව පැවැසේ.
අප්‍රේල් 11 වන දින COVID-19 මරණ දෙකක් වාර්තා වූ අතර ටෝකියෝවේ මුළු Corona මරණ සංඛ්‍යාව 4236 කි.ටෝකියෝවෙන් මේ දක්වා ආසාදන 1,323,460 ක් වාර්තා වී ඇති අතර එය ජපානයේ ප්‍රාන්ත 47 න් වැඩිම සංඛ්‍යාව වේ.