කොරෝනා ආසාදනය වීමෙන් Adventure World සත්වෝද්‍යානයේ සිංහයන් දෙදෙනෙක් මරුට


සත්වෝද්‍යානය ඊයේ(09) මේ බව නිවේදනය කළේය.

.

Wakayama ප්‍රාන්තයේ ශිරහමා හි පිහිටි "Adventure World" සත්වෝද්‍යානයේ ඊයේ(09) නිවේදනය කළේ තමන් උද්‍යානයේ සිංහයන් දෙදෙනෙකු කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මිය ගිය බවයි.  

සත්වෝද්‍යානයේ අභිජනන කාර්ය මණ්ඩල සාමාජිකයෙකුගෙන් මෙම සත්ත්වයන්ට වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරේ.

මිනිසුන් සහ සතුන් යන දෙඅංශයටම එකම වෛරසයක් නිසා ඇති වන ආසාදන zoonotic රෝග ලෙස හැඳින්වේ.  

ජාතික බෝවන රෝග පිළිබඳ ආයතනය සහ අනෙකුත් මූලාශ්‍රවලට අනුව කොරෝනා වෛරසය ඉන් එකක් වන අතර එය මුලින් වවුලන්ගෙන් ආරම්භ වූවක් බවට විශ්වාස කෙරේ.

මේ අනුව කොරෝනා වයිරසය සහිත රෝගීන් සතු සුනඛයන් සහ බළලුන්ගෙන් 15%කට පමණ කොරෝනා ආසාදනය වී ඇති බවද අනාවරණය වී තිබේ.

101 Views

Comments