සියදිවි නසා ගත් ප්‍රහාරයේ සැකකරු


ජපානයේ අගනුවරදී තුවාලයක් සිදුකර මරණයට පත්කිරීමේ  චෝදනාව මත අධිචෝදනා ලැබ සිටි 48 හැවිරිදි පුද්ගලයෙක් අප්‍රේල??

.

ජපානයේ අගනුවරදී තුවාලයක් සිදුකර මරණයට පත්කිරීමේ  චෝදනාව මත අධිචෝදනා ලැබ සිටි 48 හැවිරිදි පුද්ගලයෙක් අප්‍රේල් 8 වැනිදා අලුයම ගොඩනැගිල්ලකින් පැන සියදිවි නසාගත් බව වාර්තා වේ. 

 

ටෝකියෝ හි Shibuya Ward හි පිහිටි ඔහුගේ නිවස අසල ගොඩනැගිල්ලකින් ඔහු බිමට පැන ඇති අතර මෙට්‍රොපොලිටන් පොලිස් දෙපාර්තමේන්තුව තොරතුරු විමර්ශනය කරයි.

 

Kazuhito Yoshida නම් වූ වැරදිකරු අත්අඩංගුවට ගෙන තිබුණේ, 2020 නොවැම්බර් 16 වැනි දින අලුයම 4 ට පමණ වීදිවල ජීවත් වූ එවකට 64 හැවිරිදි Misako Obayashi ගේ හිසට Shibuya Ward හි බස් නැවතුමක බංකුවක ඇය වාඩි වී සිටියදී ප්ලාස්ටික් බෝතල් සහ ගල් සහිත ප්ලාස්ටික් බෑගයකින් පහර දීම සම්බන්ධයෙනි. 

 

වින්දිතයා කම්පන සහගත subarachnoid ලේ ගැලීමකින් මිය ගොස් ඇති අතර එනිසා Yoshida ට එරෙහිව 2020 දෙසැම්බර් මාසයේදී අධිචෝදනා ගොනු කෙරිණි. ඔහුගේ නඩු විභාගයේ ආරම්භක සැසිය මේ වසරේ මැයි 17 ට සැලසුම් කර තිබුණි.

Comments