තාවකාලික නිවසින් ඉවත් වූ අධිරාජ්‍යයා


වත්මන් අධිරාජ්‍යයා සහ ඔහුගේ පවුලේ අය සමඟ වාසස්ථාන හුවමාරු කර ගැනීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමට සූදානම් වෙ??

.

වත්මන් අධිරාජ්‍යයා සහ ඔහුගේ පවුලේ අය සමඟ වාසස්ථාන හුවමාරු කර ගැනීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමට සූදානම් වෙමින් ජපානයේ හිටපු අධිරාජ්‍යයා වන Akihito සහ ඔහුගේ බිරිඳ වන හිටපු අධිරාජිනිය Michiko ටෝකියෝ හි පිහිටි ඔවුන්ගේ තාවකාලික නිවසින් අඟහරුවාදා ඉවත්ව ගොස්‌ තිබේ. 

 

2019 වසරේ අප්‍රේල් මාසයේදී බලයෙන් ඉවත් වූ හිටපු අධිරාජ්‍යයා සහ ඔහුගේ බිරිඳ 2020 මාර්තු මාසයේ සිට Takanawa Imperial Residence හි වාසය කර ඇත. ඔවුන් අප්‍රේල් 26 වන දින Akasaka අධිරාජ්‍ය නිවසට පැමිණිමට නියමිත වේ .

 

වයෝවෘද්ධ යුවළ ඉදිරි සති දෙක තුළ Kanagawa ප්‍රාන්තයේ Hayama Imperial Villa හි රැඳී සිටින අතර ඔවුන්ගේ බඩු බාහිරාදිය Akasaka නිවසට ගෙන යන බව ඔවුන්ගේ සහායකයින් පැවැසීය.

160 Views

Comments