පස්වරු 6.15 ට පමණ කාන්තාවගේ සහ දියනියගේ සිරුරු හමුවී ඇත. මෙම පුද්ගලයා සහ ඔහුගේ පවුලේ අය අවුරුදු නිවාඩුව සඳහා ඔහුගේ මව බැලීමට පැමිණ සිටියද ඔවුන් නොපැමිණි නිසා මව මහල් නිවාසයට ගොස් ඇත. එය අගුලු දමා ඇති බව දුටු ඇය අසල සිටි පොලිස් නිලාදාරීන්ගෙන් ගෙන් උපකාර පැතුවාය. මෙම පුද්ගලයා තම බිරිඳට සහ දරුවාට පිහියෙන් ඇන ඝාතනය කර සියදිවි නසා ගැනීමට තැත් කරන්නට ඇතැයි පොලිසිය විශ්වාස කරන බව වාර්තා කරයි. ඔහු නාන තටාකයට බැස පසුව බෙල්ලට සහ පපුවට පිහියෙන් ඇනගෙන ඇති බව පෙනෙන්නට තිබුණි. මහල් නිවාසය අගුළු දමා දොර දම්වැල දමා තිබූ අතර පොලිසිය පැවසුවේ කිසිවකු දෙවැනි මහලේ මහල් නිවාසයට පිටතින් ඇතුළු වූයේ යැයි සිතිය නොහැකි බව ය. මෙම පුද්ගලයා රෝහලේ ප්රතිකාර ලබන අතර, ඉරිදා ඔහුගේ තත්ත්වය ස්ථායී ලෙස සටහන් විය. එම පුද්ගලයාගෙන් ප්රශ්න කිරීමට පෙර ඔහු සුවය ලබන තෙක් බලා සිටින බව පොලිසිය පවසයි.