ළමා දිනය වෙනුවෙන් වූ සුවිශේෂී හිස්වැස්ම


ළමා දිනය වෙනුවෙන් විශේෂ හිස්වැස්මක් නිර්මාණය වෙයි

.

හිස්වැසුමක හැඩය ඇති සමුරායි "Kabuto"  මැටි බඳුන් නිෂ්පාදනය Shiga ප්‍රාන්තයේ බටහිර ජපන් නගරයක් වන Koka හි , සෙරමික් නිෂ්පාදකයෙකු විසින් මැයි 5 ළමා දිනයට පෙර සිදු කරමින් සිටී. 

 

Meizan Ceramics Industry Co. හි ශිල්පියෙකු වන Shigaraki පිඟන් භාණ්ඩවල අද්විතීයත්වය  ගෙන ඒම සඳහා සෙරමික් හිස්වැසුමේ නිර්මාණ කටයුතු සිදුකර තිබේ. කළු පසුබිමක රන් දූවිලි වලින් සරසා ඇති "Maetate" ආභරණය ශක්තිමත් සහ ගෞරවනීය සන්සුන් භාවයක් සංකේතවත් කරයි.

 

අත්ලට ගැළපෙන කුඩා අත්කම් හෙල්මට් 400ක් පමණ නිර්මාණය කිරීමටද සමාගම සුදානමින් සිටින අතර සෙන්ටිමීටර 9 ත් 18 ත් අතර උසකින් යුත් ප්‍රමාණ තුනකින් එය සකස් කර තිබේ . කුඩාම සමුරායි හිස්වැසුම ඇතුළු කට්ටලයක් යෙන් 28,000 වන අතර විමසීම් සඳහා, සමාගමට 0748-82-8077  අංකයෙන් (ජපන් භාෂාවෙන්) ඇමතිය හැකි වේ.

124 Views

Comments