ඉන්දුනීසියානු ජනපති හා ජපාන අගමැති හමුව


සංචාරය අතරතුර ජපාන අගමැති ඉන්දියාව ඉන්දුනීසියාවටද පිවිසේ

.

ජපාන අගමැති Fumio Kishida දින අටක සංචාරයක් සදහා සිකුරාදා ජපානයෙන් පිටත්ව ගිය අතර  පලමුව ඉන්දුනීසියාවට ද  අනතුරුව වියට්නාමය, තායිලන්තය, ඉතාලිය සහ බ්‍රිතාන්‍ය යන රටවල සංචාරය කිරීමට Kishida සැලසුම් කර ඇති බව වාර්තා වේ. 

 

Kishida සිකුරාදා පස්වරුවේ ඉන්දුනීසියානු ජනාධිපති Joko Widodo සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර,  චීනයේ අඛණ්ඩ නාවික ව්‍යාප්තිය මධ්‍යයේ ජපානය ප්‍රවර්ධනය කරමින් සිටින ඉන්දු-පැසිෆික් දැක්ම ඉදිරියට ගෙන යාමට සහාය ලබා ගැනීම මෙම සංචාරයේ අරමුණ වේ. 

 

ඉන්දුනීසියාව විසින්  නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත G20 ප්‍රධාන ආර්ථික සමුලුවේ මේ වසරේ සත්කාරකත්වය දරන අතර ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ ආධිපත්‍යය වැනි විශ්වීය වටිනාකම් බෙදාහදා ගන්නා උපායමාර්ගික හවුල්කරුවෙකු ලෙස ජපානයේ සහ අග්නිදිග ආසියාවේ ප්‍රධාන ආර්ථිකයක් වන ඉන්දුනීසියාව හැඳින්විය හැකිය.

142 Views

Comments