අගනුවර Corona තත්ත්වය


ටෝකියෝ නුවරින් තවදුරටත් කොරෝනා රෝගීන් වාර්තා වේ

.

අප්‍රේල් 20 වන දින ජපානයේ අගනුවර නව Corona වෛරස අසාදිතයන් 6776 ක්   වාර්තා වූ බව ටෝකියෝ මෙට්‍රොපොලිටන් රජය නිවේදනය කළේය.

 

ආසාදිතයන් 6776 න් 3131 කට COVID එන්නත් දෙකක් ද, 77 දෙනෙකුට එක් එන්නතක් ද ලබා දී තිබේ.  ආසාදිතයන් 1902 කට එන්නත් ලබා දී නොමැති අතර 1666 ක එන්නත් තත්ත්වය නොදන්නා බව පැවැසේ. 

 

අප්‍රේල් 20 වන දින COVID-19 මරණ පහක් වාර්තා වූ අතර අද වන විට ටෝකියෝවේ මුළු Corona මරණ සංඛ්‍යාව 4284 ක් ලෙස සදහන් විය. අගනුවරින් මේ දක්වා ආසාදන 1,389,824 ක් වාර්තා වී ඇති අතර එය ජපානයේ ප්‍රාන්ත 47 න් වැඩිම සංඛ්‍යාව වේ.

131 Views

Comments