ජපාන - කාම්බෝජ මිත්‍රත්වයට වසර 70ක් සපිරේ


ඒ වෙනුවෙන් උත්සවයක් නොම් පෙන්හිදී පැවැත්විණි.

.

ජපානය සහ කාම්බෝජය ඊයේ(24) දින නොම් පෙන් හිදී දෙරටේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 70ක් සපිරීම සමරනු ලැබීය.

ජපානයේ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය Takei Shunsuke සහ කාම්බෝජයේ ජපාන තානාපති මිනමිනෝ යෝකෝ ඇතුළු පිරිසක් ඊට සහභාගි වූහ.

මෙහිදී දෙරටේ සංගීතඥයන්ගෙන් සැදුම්ලත් වාද්‍ය වෘන්දයක් ද විචිත්‍රවත් අංගයක් ඉදිරිපත් කළේය.

මේ අනුව දෙරට අතර සබඳතා ගැඹුරු කර ගැනීමේ අරමුණින් වසර පුරා විවිධ උත්සව පැවැත්වීමටද රජය සැලසුම් කර ඇත.

 

146 Views

Comments