අනවසරයෙන් ඇතුළු වී Recoders සොරකම් කළ පුද්ගලයා


කාන්තා පාසලකින් recorder සොරකම් කල පුද්ගලයෙකු අඩංගුවට ගැනේ

.

කනිෂ්ඨ උසස් පාසලකට රිංගා සිසුවියන් ගේ Recorders සොරකම් කළ බව පැවසෙන බටහිර ජපානයේ Hyogo ප්‍රාන්තයේ Akashi නගරයේ රැකියාවක් නොමැති 61 හැවිරිදි Shigehiro Nakamura නම් පුද්ගලයකු Akashi පොලිස් ස්ථානය විසින් අප්‍රේල් 20 දින අත්අඩංගුවට ගෙන තිබේ. 

 

මෙම නව වරෙන්තුව ලබා දීමට පෙරදීත් සොරකම් කිරීම සහ අනවසර ඇතුළුවීම් සම්බන්ධයෙන් ඒ වන විටත් ඔහු චෝදනා රාශියක් ලැබ සිටියේය.

 

"ගැහැණු ළමයින් භාවිතා කරන Recoder නිසා මම ඇවිස්සීමි. මට අවශ්‍ය වූයේ මගේ ලිංගික ආශාව තෘප්තිමත් කර ගැනීමටයි" යනුවෙන් සැකකරු විමර්ශකයන්ට පවසා තිබේ. ඔහුගේ නිවසේ සහ ඔහුගේ මෝටර් රථයේ තිබී Recoder 50 කට වැඩි ප්‍රමාණයක් සොයා ගැනීමෙන් පසු තවත් තිබිය හැකිද යන්න පිළිබඳව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

Comments