ඔමික්‍රොන් පැතිර යාම හමුවේ ආසාදිතයින් ගණන වැඩි වීමත් සමගම අසාධ්‍ය වන රෝගීන් හට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් පුළුල් කිරීම සම්බන්ධව ජපාන සෞඛ්‍ය අමාත්‍යංශයේ මේ වන විට පියවර ගනිමින් සිටින බව වාර්තා වේ.
රෝහල් වල තදබදය ඉහළ යෑමත් සමගම ජපාන සෞඛ්‍ය අමාත්‍යාංශය මෙම පියවර ගත් අතර එම නව ක්‍රමවේදයට අනුව තරුණ සහ අඩු අවදානම් කොවිඩ් ආසාදිතයින්ට වෛද්‍ය උපදෙස් වලින් තොරවම නිවසට වී නිරෝධායන කාලය ගත කිරීම සඳහා උනන්දු කෙරේ. වඩා අවදානම් රෝගීන් පමණක් ආරෝග්‍ය ශාලාව වෙත පැමිණීම මෙමගින් අපේක්ෂිත බව පැවසේ. දැඩිසත්කාර ඒකක වල පහසුකම් තවදුරටත් පුළුල් කරනු ලබන අතර ශ්වසන ආධාරක යන්ත්‍ර ප්‍රමාණය ද වැඩි කිරීමට පියවර ගනු ඇත.