ජපන් රජයේ නව ආර්ථික පැකේජය


ජපානයේ අධික උද්ධමනයට පාර්ලිමේන්තුවෙන් විවිධ පිළියම් ලැබේ

.

හදිසි ආර්ථික පැකේජයක කොටසක් ලෙස ඉහළ යන බලශක්ති සහ ආහාර මිල ගණන් පාලනය කිරීම සඳහා ජපානය විසින් තෙල් තොග වෙළෙන්දන් වෙනුවෙන් තෙල් සහනාධාරයේ ඉහළ සීමාව තවදුරටත් ඉහළ නැංවීම සිදු කරන අතර අඩු ආදායම්ලාභී පවුල් සඳහා එක් දරුවෙකුට යෙන් 50,000 ලබා දීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සිකුරාදා ප්‍රකාශ කළේය.

 

2022 මූල්‍ය වර්ෂය සඳහා පරිපූරක අයවැයෙන් ලබා ගැනීමට අපේක්ෂිත පැකේජයට යෙන් ට්‍රිලියන 5.5 ක රජයේ සංචිත අරමුදලෙන් යෙන් ට්‍රිලියන 1.5 ක් පමණ යෙදවීම වෙනුවෙන් වූ සැලසුම් ලබන අඟහරුවාදා අවසන් කිරීමට නියමිතව පවතී. 

 

තෙල් මිල සීමා කිරීම, ස්ථාවර ආහාර සැපයුමක් සහතික කිරීම, කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසායකයින්ට සහය ලබා දීම සහ දුප්පත් නිවෙස්වලට උපකාර කිරීම යන කොටස් හතරකින් සමන්විත සහන පැකේජය හරහා වසංගතයෙන් පසු ආර්ථික ප්‍රකෘතිමත් වීම සහතික කිරීමට ජපානය අදහස් කරයි.

175 Views

Comments