රුසියානු ජනපතිට එරෙහිව හිටපු අගමැති ෂින්සෝ අබේ ගේ ප්‍රකාශය


පූටින්ට හිටපු ජපාන අගමැති දෝෂාරෝපණය කරයි.

.

රුසියානු ජනාධිපති Vladimir Putin 16 වැනි සියවසේ ජපාන යුද නායක Oda Nobunaga හා සමාන බව හිටපු අගමැති Shinzo Abe  අප්‍රේල් 21 සවස ප්‍රකාශ කළේය.

 

Putin "අතිශයින්ම ප්‍රායෝගිකවාදියෙකු වන අතර මූලික වශයෙන් ඔහු බලය විශ්වාස කරයි" යැයි Evening Tabloid පුවත්පතක් වන Yukan Fuji විසින් අනුග්‍රහය දක්වන ලද සම්මන්ත්‍රණයකට සහභාගී වෙමින් Abe පැවසීය.  

 

Oda Nobunaga (1534-1582) යනු වසර ගණනාවක හමුදා මෙහෙයුමෙන් ජපානයේ වැඩි කොටසක් ඔහුගේ පාලනයට නතු කරගත් යුධ නායකයෙකි. ඔහු ම්ලේච්ඡ ක්‍රම සඳහා බෙහෙවින් ප්‍රසිද්ධ අයෙකි .

 

යුක්‍රේනය රුසියානු ආක්‍රමණය සම්බන්ධයෙන්,  "මම හිතන්නේ  පුටින්ගේ ඒකාධිපති පාලන තන්ත‍්‍රය ගොඩනැගූ වසර ගණනාවක් පුරා, තොරතුරු නිවැරදිව විශ්ලේෂණය කර නැත. තවද මෙම ආක්‍රමණය  වැරදි විනිශ්චයක ප්‍රතිඵලයකි " යනුවෙන් Abe පැවැසීය.

130 Views

Comments