ජපානයට නැවත පැමිණෙන්නන්ගේ අනිවාර්ය නිරෝධායනය


2022 ජනවාරි 15 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ජපාන රජය විසින් විදේශගතව සිට ජපානයට පැමිණෙන සියලු දෙනා ලක්විය යුතු න?

.

2022 ජනවාරි 15 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ජපාන රජය විසින් විදේශගතව සිට ජපානයට පැමිණෙන සියලු දෙනා ලක්විය යුතු නිරෝධායන කාලය දින දාහතර සිට දින 10 දක්වා අඩු කරන ලදී. වෙනස් corona ප්‍රභේදයන් ට සාපේක්ෂව ලොව පුරා ඉතා සීග්‍රව ව්‍යාප්ත වන ඔමික්‍රෝන්  ප්‍රභේදය ඉතා අඩු කාලයක් තුලදී ලක්ෂණ පෙන්වන බව පරීක්ෂණවලින් තහවුරු කරගැනීමෙන් පසුව මෙම තීරණය ගෙන තිබිණි. 

 

කෙසේ වෙතත් නිරෝධායන සමයේ මුල් දින 3,6 හෝ 10 රජය විසින් නිර්දේශ කළ ස්ථානයක නිරෝධායනය විය යුතු අතර නිරෝධායන සමයේ ඉතුරු දින කීපය විශ්වාසය මත පාදකව තම තමන්ගේ නිවෙස් වල හෝ තමන් විසින් මුදල් ගෙවා වෙන්කර වෙන්කරගන්නා ස්ථානයක ගත කළ හැකිය.

 

විදේශයක සිට ජපානයට පිටත් වන සියලුම දෙනා පැය 72ක් ඇතුළත ලබාගත් pcr වාර්තාවක් ඉදිරිපත් කළ යුතු අතර  ඔවුන් ගුවන්යානයට ඇතුළු කර ගන්නේ  එහි ප්‍රතිඵලය negative නම් පමණි. එම ප්‍රතිඵලය ද වගකිවයුතු ආයතනයකින් නිකුත් කළ එකක් විය යුතුය.

 

තවද  තම තමන්ගේ දුරකථන වල පහත යෙදවුම් ස්ථාපනය කර තිබීම ද අනිවාර්ය වේ.

 

MySOS for health and location monitoring (Apple, Google Play)

Location information app such as Google Maps (Apple, Google Play)

COCOA for COVID-19 contact tracing (Apple, Google Play)

Comments