ප්‍රතිපත්තිමය සාකච්ඡා සඳහා පැමිණි නියෝජිත කණ්ඩායම


ජපාන හා korea සාකච්ඡා තවදුරටත් ක්‍රියාත්මක වේ

.

ලබන මාසයේ දකුණු කොරියානු ජනාධිපති ලෙස පදවි ප්‍රාප්තියට  පත්විමට නියමිත Yoon Suk Yeol විසින් ජපාන නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට එවන ලද දූත පිරිස ඉරිදා ජපානයට පැමිණි අතර යුද කාලීන ගැටලු සම්බන්ධයෙන් පළුදු වී ඇති ද්විපාර්ශ්වික සබඳතා වැඩිදියුණු කිරීම මෙමගින් අපේක්ෂා කෙරේ.

 

දූත පිරිසේ දින පහක සංචාරය අතරතුර, එහි සාමාජිකයින් අගමැති Fumio Kishida ඇතුළු ජපන් දේශපාලන සහ ව්‍යාපාරික නායකයින්ට,  සෝල්-ටෝකියෝ සබඳතා පිලිබදව අවධාරණය කිරීමට නියමිතය. 

 

"අපි දෙරට අතර නව පාලමක් බවට පත් වීමටත් , ඵලදායී අනාගතයක් බෙදා ගැනීමටත් බලාපොරොත්තු වෙනවා" යනුවෙන් ජාතික සභාවේ නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී මෙන්ම නියෝජ්‍ය කථානායක වූ Chung Jin Suk ටෝකියෝ මාධ්‍ය වාර්තාකරුවන්ට පැවසීය

104 Views

Comments