ලිංගික විවිධත්වය සමරන අභිමානවත් පෙළපාලිය


ජපානය ලිංගික විවිධත්වය සමරයි

.

Corona වෛරස ආසාදන පැතිරීම හේතුවෙන් වසර තුනක විරාමයකින් පසු ලිංගික විවිධත්වය සමරන අභිමානවත් පෙළපාලියක් අප්‍රේල් 24 වන දින ජපන් අගනුවර Shibuya Ward හිදී පැවැත්විණි.

 

Yoyogi Park වටා "Tokyo Rainbow Pride 2022" පාගමනට 2,000ක පමණ පිරිසක් සහභාගී වූ අතර ආසාදන පැතිරීම වැළැක්වීමේ පියවරක් ලෙස ලොතරැයි ඇදීම සහ වෙනත් ක්‍රම මගින් සීමිත සහභාගිවන්නන් සංඛ්‍යාවක් තෝරා ගන්නා ලදී.  සුළුතර ලිංගික ජන කොටස්වල අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම සංකේතවත් කරන දේදුනු කොඩි සහ විවිධ පුවරු අතැතිව උද්‍යානය වටේ ඇවිද ගියහ. 

 

ජපානයේ ලිංගික සුළුතරයන් 1990 ගණන්වල සිට පෙළපාලි පැවැත්වූ අතර උත්සවයක් සහ පෙළපාළියක් වැනි සිදුවීම් වලින් එය සමන්විත වේ. එය LGBTQ පුද්ගලයින් ඇතුළු ලිංගික සුළුතරයන් සඳහා සැමරුමක් ලෙස 2012 දී ආරම්භ කොට තිබේ.

93 Views

Comments