අඟහරුවාදා ජපාන හිටපු අග්‍රාමාත්‍ය අබේ ෂින්සෝගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සඳහා එක්සත් ජනපද උප ජනාධිපති කමලා හැරිස් ජපානයට පැමිණ ඇත. හැරිස් සඳුදා දින ටෝකියෝ හි එක්සත් ජනපද හමුදාවේ යොකෝටා ගුවන් කඳවුරට පියාසර කර ඇතර එය පසුගිය වසරේ ජනවාරි මාසයේ බලයට පත්වීමෙන් පසු ඇය ජපානයට ගිය පළමු සංචාරය වේ.
ධවල මන්දිරය පවසා සිටින්නේ මෙම සංචාරය අග්‍රාමාත්‍ය අබේගේ උරුමයට ගෞරව කරන අතර එක්සත් ජනපදය සහ ජපානය අතර සන්ධානය සහ නිදහස් හා විවෘත ඉන්දු පැසිෆික් කලාපයක් ඉදිරියට ගෙන යාම සඳහා ඔහුගේ නායකත්වයේ වැදගත්කම අවධාරනය කරනු ඇති බවයි.
තායිවානය සහ ඉන්දු පැසිෆික් ප්‍රශ්න සම්බන්ධයෙන් පවතින තත්ත්වය සාකච්ඡා කිරීම සඳහා හැරිස් සඳුදා පසුව අගමැති කිෂිඩා ෆුමියෝ සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතය.