යුක්‍රේනියානුවන්ට පිරිනැමෙන අත්‍යාවශ්‍ය ජපන් සහනාධාර


යුක්රේන ජාතීන්ට දිගින් දිගටම ජපන් සහනාධාර පිරිනැමේ

.

යුද්ධයෙන්  විනාශ වූ යුක්‍රේනයට අතිරේක සහන සැපයුම් ලෙස ආහාර සහ ඖෂධ ලබා දීමට නියමිත බව අගමැති Fumio Kishida යුක්‍රේන ජනාධිපති Volodymyr Zelenskyy සමඟ අඟහරුවාදා දුරකථනයෙන් පැවැත්වූ සාකච්ඡාවකට පසු පැවසීය.

 

ටින් කළ පාන් සහ මාළු ඇතුළු ආහාර ද්‍රව්‍ය ටොන් 15ක් පමණ යුක්‍රේනයට ලබාදීමට බලාපොරොත්තු වන බව ජපාන රජයේ නිලධාරියෙක් පැවසීය.

 

සාමවාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සීමාවන් තුළ යුද්ධය ආරම්භ වූ දින සිට මේ දක්වා වෙඩි නොවදින කබා, හිස්වැසුම්, ආරක්ෂිත වෙස් මුහුණු සහ වාණිජ ඩ්‍රෝන යානා ලබා දීමට ජපානය මීට පෙරදි කටයුතු කර තිබේ

Comments