සත්වෝද්‍යානයේ වසර දෙකකින් පසු උපත ලැබූ පළමු ජිරාෆ් පැටවා


Osaka Tennoji සත්වෝද්‍යානයේ වසර දෙකකට පසු ජිරාෆ් පැටවකු උපත ලබයි

.

අප්‍රේල් 26 වන දින බටහිර ජපානයේ Osaka නගරයේ Tennoji Ward හි  Osaka Tennoji සත්වෝද්‍යානයේ 10 හැවිරිදි පියා වන Koya ට සහ 9 හැවිරිදි මව වන Harukasu ට දාව ඔවුන්ගේ තුන්වන පැටවා වසර දෙකකට පසු උදෑසන 11 ට පමණ  උපත ලැබූ අතර උපතින් පැය දෙකකුත් විනාඩි 20 කට පමණ පසු ඉතා ජවසම්පන්න පෙනුමකින් යුතු පැටවා පළමු වරට නැගී සිටියේය. 

 

හරුකාසු පැටවා නොසලකා හැරීම වැළැක්වීම සඳහා සත්වෝද්‍යාන පාලකයින් මව සහ පැටවා වෙත නොපැමිණ මොනිටරයකින් පමණක් නිරීක්ෂණ කටයුතු සිදු කරන බැවින් දරුවාගේ ලිංගභේදය, බර සහ උස තවමත් සොයා ගෙන නොමැත. ළදරුවාගේ වර්ධනය අනුව ප්‍රදර්ශනයට තබන කාලය සත්වෝද්‍යානය විසින් සලකා බැලීම සිදුකරයි. 

 

2018 මැයි මාසයේදී Koya ට සහ Harukasu ට පිරිමි දරුවෙකු ලැබුණද, ඔහු ඉපදී දිනකට පසු මිය ගියේය. 2020 අප්‍රේල් මාසයේදී ඔවුන් අතර ගැහැණු පැටවෙකු උපත ලැබූ නමුත් සතියකට පසු ඇයද මිය ගියේය. මෙලස උපත ලැබු අලුත්ම දරුවා ඔවුන්ගේ තුන්වැනි දරුවා වේ.

126 Views

Comments