කුමන්ත්‍රණ විරෝධී උද්ඝෝෂණයකට එක්වූ ජපන් ජාතිකයෙකු මියන්මාරයේ පොලිස්‌ අත්අඩංගුවට පත්වෙයි


මියන්මාරයේ දී ජපන් ජාතිකයෙකු අත්අඩංගුවට පත්වේ

.

පසුගිය සෙනසුරාදා දින Yangon හි පැවැති කුමන්ත්‍රණ විරෝධී අරගලයකට සහභාගී වූ බවට පැවසෙන ජපන් ජාතිකයෙකු  මියන්මාර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

 

මෙහිදී ජපන් ජාතිකයාගේ අනන්‍යතාවය කිසිඳු අයුරකින් හෙළි නොකළ මියන්මාරයේ ජපන් තානාපති කාර්යාලය කියා සිටියේ "Toru Kubota ලෙස හැඳින්වෙන වාර්තා චිත්‍රපට නිෂ්පාදකයා  විසින් තම 20 හැවිරිදි සේවාදායකයා නිදහස් කරන ලෙස ඔවුන්ගෙන් ඉල්ලීමක් කළ බවත් වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා ඔහුව Yangon පොලිස් ස්ථානයේ රඳවාගෙන සිටින බවත්ය . "  

 

මෙම ජපන් ජාතිකයා දකුණු Dagon Township ප්‍රදේශයේදී  විරෝධතාකරුවන් සමඟ සිටි තවත් මියන්මාර ජාතිකයින් දෙදෙනෙකු  සමඟ පොලිස් අත්අඩංගුවට පත්ව තිබූ අතර ඔහුගේ කැමරාවක් ඇතුළු අනෙකුත් භාණ්ඩ සියල්ල පොලිස් නිලධාරීන්ගේ භාරයට ගෙන තිබේ. 

 

වර්තමානයේදී හමුදා පාලනයක් යටතේ ක්‍රියාත්මක වන මියන්මාරය රජය විසින් මීට පෙර 2021 අප්‍රේල් මාසයේදීත් සාවද්‍ය තොරතුරු පතුරුවා හැරීම සහ වීසා කොන්දේසි කඩ කිරීම සම්බන්ධයෙන් ජපන් ජාතික නිදහස් මාධ්‍යවේදියෙකු  අත්අඩංගුවට ගෙන ඔහුට එරෙහිව අධිචෝදනා ගොනු කර තිබූ අතර ජපන් රජයේ සහ අනෙකුත් අතරමැදියන්ගේ බලවත් ඉල්ලීම මත ඊළඟ මාසයේදී ඔහුව නිදහස් කරන ලදී.

109 Views

Comments