අලුතෙන් විවෘත වූ ජාත්‍යන්තර බෝඩිං පාසල 


NUCB ජාත්‍යන්තර බෝඩ්න් පාසලක් පසුගිය අප්‍රේල් මාසයේදී ආරම්භ කරයි

.

සිසුන් හට උසස් පාසල් ඩිප්ලෝමා සහ විදේශයන්හි විශ්ව විද්‍යාලවලට ඇතුළත් වීමට සුදුසුකම් ලබා ගැනීමට ඉඩ සලසන වැඩසටහන් සහිත ජාත්‍යන්තර බෝඩිං පාසලක් මධ්‍යම ජපානයේ Tokai කලාපයේ පළමු වරට අප්‍රේල් 27 වන දින ආරම්භ වී තිබේ. 

 

NUCB ජාත්‍යන්තර විද්‍යාලය, සියලුම ඉංග්‍රීසි වැඩසටහන් සහිත සම අධ්‍යාපනික බෝඩිං පාසලක් වන අතර Aichi ප්‍රාන්තයේ Nisshin හි Nagoya වාණිජ සහ ව්‍යාපාර විශ්ව විද්‍යාලයේ (NUCB) මණ්ඩපයේ පිහිටා ඇත. මෙය එතෙර විශ්ව විද්‍යාල සඳහා මෙවැනි සුදුසුකම් ලබා ගැනීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වන දිවයිනේ තුන්වන පාසල වේ. 

 

සියලුම ගුරුවරුන්ට පශ්චාත් උපාධියක් අනිවාර්ය අතර ඉගැන්වීම් ඉංග්‍රීසි භාෂාවෙන් සිදුකෙරේ . සිසුන් 225ක් පාසලට ඇතුළත් කර ගැනීමට නියමිත අතර , සෑම ශ්‍රේණියක්ම සිසුන් 75 කින් සමන්විත වේ.

 

මැයි මස අවසානය දක්වා අයදුම්පත් භාර ගන්නා අතර සැප්තැම්බර් මාසයේදී පාසලට සිසුන් ඇතුළත් කරනු ලැබේ. සිසුන් හට ඉංග්‍රීසි භාෂාවෙන් පැවැත්වෙන පන්ති වලට හුරු වීම සඳහා මැයි සහ ජුනි මාසවල සූදානම් වීමේ වැඩසටහනක් පැවැත්වේ.

108 Views

Comments