අඛණ්‌ඩව ඉහළ යන භාණ්ඩ හා සේවා මිල ගණන්


ජපාන උද්ධමනය තවදුරටත් ඉහළට යයි

.

ජපාන සමාගම්වලින් 40% කට වැඩි ප්‍රමාණයක් COVID-19 වසංගතය මෙන්ම රුසියාවේ යුක්‍රේන ආක්‍රමණය නිසා ඇති වූ ද්‍රව්‍යමය පිරිවැය ඉහළ යාම මධ්‍යයේ  වසරක් ඇතුළත සිය මිල ගණන් ඉහළ නංවන බව ණය පර්යේෂණ ආයතනයක් විසින් කරන ලද සමීක්ෂණයකින් හෙළි වී තිබේ. 

 

සිය සමාගම මේ මාසයේ මිල ඉහළ දැමූ බව හෝ ලබන වසරේ මාර්තු අග වන විට එය කිරීමට සැලසුම් කර ඇති බව Teikoku Databank Ltd. විසින් අප්‍රේල් මස මුලදී ජපානයේ සමාගම් 1855 ක් සමඟ සිදුකල සමීක්ෂණයේ දී සමාගම්වලින් 43.2% අදහස් දක්‌වමින් පැවැසීය.

 

තිරිඟු සිට බොරතෙල් දක්වා සෑම දෙයකම මිල ඉහළ යාමට නිසාවෙන් වසර ගණනාවක සිට අවධමනය අත්විඳින රටක් ලෙස ජපානය තුළ වැඩිවන ජපන් සමාගම් බහුතර සංඛ්‍යාවක් තම නිෂ්පාදන ඉහළ මිලකට අලෙවි කිරීම සිදු කරයි.

165 Views

Comments