ඉන්දු-පැසිෆික් කලාපය තුළ චීනයේ ස්ථීර නැගීම මධ්‍යයේ ද්විපාර්ශ්වික ආරක්ෂක සහයෝගීතාව ගැඹුරු කරගනිමින් ආරක්ෂක උපකරණ සහ තාක්ෂණය අන්‍යෝන්‍ය වශයෙන් දෙරට අතර හුවමාරු කර ගැනීමට හැකිවන අයුරින් ජපානය සහ තායිලන්තය සඳුදා ගිවිසුමකට අත්සන් කොට තිබේ .
"මෙම ගිවිසුම ද්විපාර්ශ්වික ආරක්ෂක සහයෝගීතාව පුළුල් කිරීමේ ප්‍රධාන ඉදිරි පියවරක් බව" තායි අග්‍රාමාත්‍ය Prayut Chan-o-cha සමඟ පැවති සාකච්ඡා වලින් පසුව ඒකාබද්ධ මාධ්‍ය හමුවකදී ජපාන අගමැති Fumio Kishida අදහස් දක්වමින් පැවැසීය.
"කිසිම ආකාරයකින් කලාපය තුළ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව උල්ලංඝනය කිරීම අපි කිසි විටෙකත් නොඉවසන බවට අගමැති Prayut සහ මම එකඟ වූ අතර තර්ජනය කිරීමට සමූල ඝාතක අවි භාවිතා කිරීම පිළිබඳව අපි සම්පූර්ණයෙන්ම විරුද්ධ වෙමු " යනුවෙන් Kishida තවදුරටත් පැවසීය.