ලියාපදිංචියෙන් ඉවත් කළ සංචාරක සමාගම


වංචා සහගත ලෙස කටයුතු කළ සංචාරක සමාගම ලියාපදිංචියෙන් ඉවත් කෙරේ

.

Corona වසංගතය මධ්‍යයේ ජපානයේ සංචාරක සමාගමක සිදු කළ වෙන් කිරීම් අවලංගු කළ ගනුදෙනුකරුවන්ට අදාළ මුදල් ආපසු ලබානොදීම හේතුවෙන් අදාළ සංචාරක සමාගම  ලියාපදිංචියෙන් ඉවත් කර ඇති බව ප්‍රාන්ත රජයට සමිප මූලාශ්‍ර මැයි 2 දින වාර්තා කොට තිබේ.

 

Ibaraki,  Tokyo, Kanagawa, Aichi, Mie, Kyoto සහ Osaka යන ප්‍රාන්ත හත පුරා 2020 ඔක්තෝම්බර් මාසයේ සිට කණ්ඩායම් 13 කින් යෙන් මිලියන 10 කට වඩා මුදලක් මෙලෙස ලබා ගෙන ඇති බවට වාර්තා ලැබී ඇති බව N-1tour Co. හි සාමාජිකයෙකු වූ All Nippon Travel Agents සංගමය පැවැසීය . 

 

Registry පොත සහ ප්‍රාන්ත රජය ඇතුළු මූලාශ්‍රවලට අනුව, N-1tour 1998 දී ආරම්භ කොට 1999 දි සංචාරක ඒජන්සියක් ලෙස ලියාපදිංචි කර තිබේ .සංචාරක සංගමයට ණය නොගෙවීම සහ අදාළ මුදල් නැවත ගනුදෙනුකරුවන් හට ගෙවන ලෙස N-1tour වෙත ප්‍රාන්ත රජය විසින් කල අනතුරු ඇඟවීමක් නොසලකා 2021 සැප්තැම්බර් මාසයේදී කණ්ඩායම් 13 වෙත යෙන් මිලියන 4.5 පමණක් ආපසු ගෙවීමේ ප්‍රතිඵලයක් ලෙස එහි සාමාජිකත්වය අහෝසි කොට සමාගම ලියාපදිංචියෙන් ඉවත් කර තිබේ.

150 Views

Comments