ජපානයේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකු විසින් වීදිවල කුණු එකතු කිරීම විනෝද කණ්ඩායම් තරඟයක් බවට පත් කරමින් නිර්මාණය කර තිබූ නව ක්‍රීඩාව යොදාගනිමින් රටේ මෙන්ම ලොකයේ පරිසර පද්ධතිය පිරිසිදු කළ හැක්කේ කෙසේද යන්න පිළිබඳව මේ වනවිට අත්හදා බැලීම් සිදුකෙරෙමින් පවතී.
Yuto Kitamura විසින් 'Seisochu' ලෙසින් හැඳින්වෙන මෙම නව ක්‍රීඩාව පිළිබඳ අදහස ඉදිරිපත් කළ අතර, නියමිත වේලාවට එකතු කරන ලද කසළ වර්ගය සහ ඒවායෙහි බර ප්‍රමාණය අනුව මෙහිදී ලකුණු ප්රදානය කිරීම සිදු කෙරේ.
මෙම ක්‍රීඩාවේදී තරගකරුවන්ගේ ස්මාර්ට් ෆෝන් වෙත යවන ලද "මෙහෙයුම්" සම්පූර්ණ කිරීම සඳහා ඔවුන් විසින් කුණු එකතු කරනු ලබන අතර මෙහෙයුම අවසානයේදී "දඩයක්කාරයෙක්" පෙනී සිටිමින් ඔවුන් එකතු කර ඇති කුණු කූඩය රාජසන්තක කිරීම සිදු කරයි.
"විනෝද වන අතරම පාරිසරික ගැටළු පිළිබඳව ඉගෙන ගැනීමට එය සහභාගිවන්නන් සදහා අවස්ථාවක් ලබා දෙනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි" යනුවෙන් වර්තමානයේදී විවිධ සමාජ ගැටළු සමඟ කටයුතු කරන ටෝකියෝ ව්‍යාපාර සමාගමක් වන Gab Inc. හි සේවයේ නියුතු Kitamura ගෝලීයව සංවර්ධනය කෙරෙමින් පවතින නව නිර්මාණය පිළිබඳව අදහස් දක්වමින් පැවසීය.