ජපානයේ කෘමි ආහාර අලෙවි කරන විකුණුම් යන්ත්‍රය


පෝෂදායී ආහාර අත්හදා බැලීමට නම ක්‍රමය ආහාර යන්ත්‍රයක් හඳුන්වා දෙයි

.

පසුගියදා බටහිර ජපානයේ නගරයේ ජාතික මාර්ගයේ අංක 11 ඔස්සේ "පෝෂ්‍යදායී" කෘමී කෑම වර්ග අත්හදා බැලීම සඳහා මිනිසුන්ට ඉඩ සලසන නව විකුණුම් යන්ත්‍රයක් සමාගමක් විසින් හදුන්වා දී තිබේ.   

 

Fried Crickets, Mole Crickets , උණ පණුවන්, කිමිදුම් කුරුමිණියන්, පළඟැටියන් සහ සේද පණුවන් ඇතුළු කෘමි කෑම වර්ග නවයක් යෙන් 1000ක මුදලකට අලෙවි කෙරේ. විකුණුම් යන්ත්‍රය Nagasaki ප්‍රාන්තයේ Sasebo නගරයේ කෘමි ආහාර නිෂ්පාදකයෙකු වන Hamaru Foods විසින් සකසන ලද කෘමීන් මෙලෙස අලෙවිය සඳහා භාවිතා කරනු ලැබේ. 

 

එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක (SDGs) සාක්ෂාත් කර ගැනීමට දායක වීමේ මුලපිරීමක් ලෙස, දේපළ වෙළඳාම් සහ අනෙකුත් ව්‍යාපාර හසුරුවන Matsuyama නගරය පදනම් කරගත් Sanpuku Holdings සමාගම සහ විකුණුම් යන්ත්‍ර ක්‍රියාත්මක කරන අනුබද්ධිත ආයතනයක් එක්ව මෙම ව්‍යාපෘතිය ආරම්භ කර ඇත.

116 Views

Comments