කෘෂිකර්මාන්තයට නැඹුරු වූ ජපන් ඒජන්සිය


corona සමයෙන් පසු ජපන් සමාගමක් කෘෂිකර්මාන්තයට එළඹේ

.

Corona වසංගතය සංචාරක ක්ෂේත්‍රයට දැඩි පහරක් එල්ල කළ දුෂ්කර කාල පරිච්ඡේදයකට පසු සිය ආදායම් මූලාශ්‍ර විවිධාංගීකරණය කිරීම සඳහා කෘෂිකර්මාන්තයට පිවිසීමට ජපානය තුළ ප්‍රධාන ජපන් සංචාරක ඒජන්සිය වන H.I.S. සමාගම විසින් තීරණය කොට තිබේ. 

 

එහි පලමු පියවර ලෙස නැවුම් පලතුරු සහ එළවළු නිෂ්පාදනය කිරීම සහ විකිණීම සඳහා සංචාරක සමාගමේ පූර්ණ අනුබද්ධිත සමාගමක් ලෙස H.I.S.Farmers සමාගම අප්‍රේල් මාසයේදී පිහිටවූ අතර සිය මූලික සංචාරක ව්‍යාපාරය තවදුරටත් පවත්වාගෙන යමින් රටේ ජනතාවට කෘෂිකාර්මික අත්දැකීමක් ලබා ගැනීම සඳහා ගොවිපලවල සංචාර ඇතුළත් කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ. 

 

ටෝකියෝවට උතුරින් පිහිටි Saitama ප්‍රාන්තයේ Hasuda හි ගොවිපලක චෙරි තක්කාලි වගා කිරීම සමාගම විසින් ආරම්භ කර ඇති අතර මැයි මාසයේ සිට සිය විකුණුම් නාලිකා පුළුල් කරමින්, නව නිෂ්පාදන සමාගමේ වෙබ් අඩවිය හරහා අලෙවි කිරීමට සැලසුම් කර ඇත. 

 

පළතුරු යුෂ යොදා ගනිමින් සැකසූ ආහාර නිෂ්පාදනය කිරීම සහ Miyazaki ප්‍රාන්තයේ Nichinan හි වගා භූමියේ සිදු කෙරෙන මිදි පලතුරු නිෂ්පාදනය පුළුල් කිරීමෙන් පසු 2025 දී නිරිතදිග ජපානයේ සිට සමාගමේ නිෂ්පාදන නැව්ගත කිරීම සමාගමේ මීළඟ අපේක්ෂාවන් ලෙස දක්වා තිබේ.

121 Views

Comments