ජපානයේ පැයකට ගෙවන අවම වැටුප යෙන් 31 කින් වැඩි කරයි.


ජපානය තුල වැටුප් සංශෝධනයක් සිදුවේ

.

ජපානය වසර 10 කට පසුව දැනට පැවති ¥930 වූ පැයකට ගෙවන අවම වැටුප අගෝස්තු මස 1 වන දින සිට

¥31 කින් වැඩිකිරීමක් කරමින් පැයකට ¥961 කට නීතිමය ලෙස බලාත්මක කලා. මෙය පලාත් අනුව මදක් වෙනස් විය හැකි වුවද අවම වැටුප ¥931 ලෙස නීතිගත කලහ. මෙය කඩකරන පුද්ගයන්ට හෝ ආයතන වලට ¥500,000 (කොල 50 ක) දඩයක්ද නියම කර ඇත. ජපානයේ පැයකට ගෙවන වැටුප අනෙක් සංවර්ධිත රටවල් සමග සැසඳීමේදී ඉතා අඩු බවයි විචාරක මතය. ජීවන වියදමද දිනෙන් දින ඉහල යන මෙවන් යුගයක මෙම ¥31කක වැඩි කිරීමට විවිධ මතයන් ඇති බව මාද්‍ය ප්‍රකාශ කරයි. 

                  තත්වය කෙසේ වුවද මීට වසර 30 කට පමණ පෙර මම ජපානයට එන විට පැයකට ගෙවු අවම වැටුප ¥600ක් පමණ වූ අතර එකලද පාන් පෙති 8ක පාන් ගෙඩියක් ¥100 කි. ටැක්ස් එක ¥3කි. (¥103) 

අද ලෝකයේ කොපමණ ප්‍රශ්ණ තිබුනද ජපන් ආර්ථිකය විවිධ පාලකයන් යටතේ පාලනය වුවද අවම වැටුප මෙලෙස වැඩි වී ඇත. 

 

Copied

132 Views

Comments