22 හැවිරිදි ජපන් බොක්සිං ක්‍රීඩක Hayato Tsutsumi හට ඔලිම්පික් පදක්කමක් සිය සිත් ඇදගන්නා සුළු ආධුනික ජීව දත්ත සටහනට එක් කිරීමට නොහැකි වූ බැවින් ඔහු වෘත්තිකයෙකු ලෙස නව මාවතක් ඔස්සේ වළල්ලට පිවිසීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ .
ආධුනික ශූරතා 13ක් සමඟින් Hayato ඔහුගේ කීර්ති නාමය ගොඩනඟා ගත් නමුත්, Corona වෛරසය හේතුවෙන් අවසන් සුදුසුකම් ලැබීමේ තරඟාවලිය අවලංගු වූ නිසා ඔහුට පසුගිය ගිම්හානයේ ටෝකියෝ ඔලිම්පික් උළෙල මඟ හැරිණි.
“මට අවශ්‍ය වන්නේ පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට පෙර ලෝක ශූරයකු වී මගේ සහෝදරයා දිරිමත් කිරීමටයි” යනුවෙන් අදහස් දක්වමින් පැවැසූ Hayato තමාගේ ඔලිම්පික් සිහින සිය බාල සොහොයුරා වන Reito වෙත තබා නව දිශාවක් ලෙස 2024 පැරිස් ක්‍රීඩා උළෙලේ ස්ථානයක් සඳහා සටන් කිරීම ආරම්භ කොට තිබේ.