ආරක්ෂක ගිවිසුමට එකඟ වීමට අපේක්ෂා කරන රාජ්‍ය නායකයෝ


ජපානය හා බ්‍රිතාන්‍ය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවත් ශක්තිමත් වේ

.

චීනයේ ප්‍රබල බලයක් ක්‍රියාත්මක වෙමින් පවතින ඉන්දු-පැසිෆික් කලාපය "නිදහස් සහ විවෘත" කලාපයක් බවට පත් කිරීම අරමුණු කරගනිමින් ජපානය සහ බ්‍රිතාන්‍යය අද දින පැවැත්වෙන නායකයින්ගේ සමුළුවේදී දෙරට අතර සහයෝගීතාවය වැඩි දියුණු කිරීමට තම හමුදාවන්ට ඉඩ ලබා දීමට ප්‍රතිපත්තිමය වශයෙන් එකඟ වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

 

ජපාන අගමැති Fumio Kishida සහ ඔහුගේ බ්‍රිතාන්‍ය සහකරු Boris Jhonson ගේ න්‍යාය පත්‍රයේ, රුසියාවේ යුක්‍රේන ආක්‍රමණය සහ යුද්ධයෙන් විනාශ වූ ජාතියට සහය දැක්වීමේ අරමුණ ඉහළ මට්ටමක  පවතින බව සඳහන් වේ.  

 

ජපානය සහ බි‍්‍රතාන්‍යය යන රටවල් දෙකම G-7 එනම් රටවල් හතේ කණ්ඩායමට අයත් වන අතර රටවල් දෙකම Moscow ආක්‍රමණයට දඬුවම් කිරීම සඳහා දැඩි සම්බාධක පවත්වාගෙන යනු ලබයි .

127 Views

Comments