පෙම්වතාට පිහියෙන් ඇන ඝාතනය කිරීමට තැත් කළ පෙම්වතිය


පෙම්වතා ඝාතනයට තැත්කළ පෙම්වතිය අත්අඩංගුවට පත්වෙයි

.

Kyoto හි පදිංචි 47 ​​හැවිරිදි රැකියා විරහිත කාන්තාවක් වන Karuka Tatehadi විසින් සිය 55 හැවිරිදි පෙම්වතාට පිහියෙන් ඇන ඝාතනය කිරීමට තැත් කළ බවට සැකපිට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

වංචාවක් සම්බන්ධයෙන් ඇති කර ගත් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් ඉදිකිරීම් කම්කරුවෙකු වන සිය පෙම්වතාගේ  හිසට සහ බෙල්ලට පිහියකින් ඇන ඝාතනය කිරීමට ඇය උත්සාහ කර ඇති නමුත් තුවාලකරු රෝහල් ගත කළ පසු ඔහුගේ තුවාල ජීවිතයට තර්ජනයක් නොවන බව වෛද්‍යවරුන් පැවැසූ බව සඳහන් වේ. 

 

අප්‍රේල් 30 වෙනිදා රාත්‍රී 7.55 ට පමණ වින්දිතයාගේ නිවසේ දී මෙම සිද්ධිය වී ඇති අතර පිහි පහරින් තුවාල ලැබූ Haruka ද රෝහල් ගත කර තිබේ. ප්‍රතිකාර නිමාවී අඟහරුවාදා රෝහලෙන් පිටව ගිය වහාම ඇයව පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර Haruka විසින් ඇයට එරෙහිව ඇති  චෝදනා පිළිගත් බව පොලිසිය සඳහන් කළේය .

117 Views

Comments