මොටර් රථයක් තුළ සිරවී සිටියදී සොයා ගත් අළුත උපන් පුස් පැටවා


නරිටා නගරයේ මෝටර් රථයක් තුළ සිරවී සිටි පූස් පැටියකු සොයාගනී

.

ටෝකියෝවට නැගෙනහිරින් පිහිටි Narita නගරයේ නවතා තිබූ මෝටර් රථයක් තුළ සිරවී සිටි අලුත උපන් පූස් පැටවෙකු මැයි 1 වන දින බේරා ගෙන තිබේ .අලුත උපන් බිළිඳෙකු යැයි විශ්වාස කරන පූස් පැටවා දිගින් 10-15Cm වූ අතර 120g ක‍ පමණ බරකින් යුක්ත විය. 

 

එදින උදෑසන වාහන නැවැත්වීමේ ස්ථානයේදී මෝටර් රථයක් ඇතුළතින් බළල් පැටවෙකුගේ ' Meow' ශබ්දයක් ඇසී ඇති අතර මෝටර් රථයේ හිමිකරු Hoshino සහ පිරිස විසින් ජපන් ඔටෝමොබයිල් ෆෙඩරේෂන් (JAF) සහාය ඇතිව මොටර් රථයේ යට පැනලය ඉවත් කොට පූස් පැටවා සොයා ගෙන ඇත .

 

පූස් පැටියා සොයා ගන්නා විටත‍් ඔහුගේ මුඛයෙන් ලේ ගලමින් තිබු අතර යුතු දුර්වල තත්ත්වයක සිටි බැවින් Hoshino විසින් පැටවා ප්‍රතිකාර සඳහා තම මිත්‍ර Yuki Takemura හට භාරදී තිබේ. " ප්‍රමාණවත් තරමින් පැටවා සුව වූ පසු මම එය හදා ගන්නා කෙනෙකු සොයමි" යනුවෙන් අදහස් දක්‌වමින් Yuki පැවැසීය.

117 Views

Comments