ගිලුණු Hokkaido බෝට්ටුවේ ක්‍රියාකරුගේ බලපත්‍රය අවලංගු කිරීමට පියවර ගැනේ


ගිලුණු සංචාරක යාත්‍රාවේ විමර්ශන කටයුතු තවදුරටත් සිදු වේ

.

සමුද්‍රීය ප්‍රවාහන නීතිය යටතේ මෙතෙක් පනවන ලද දරුණුතම පරිපාලන දණ්ඩනය සලකුනු කරමින් පුද්ගලයන් 14 දෙනෙකු මිය ගොස් 12 දෙනෙකු අතුරුදන් කර සති දෙකකට පෙර Hokkaido මුහුදේ ගිලී ගිය Kazu l  සංචාරක යාත්‍රාවේ ක්‍රියාකරුගේ බලපත්‍රය අවලංගු කිරීමට ජපාන ප්‍රවාහන අමාත්‍යාංශය සලකා බලමින් සිටින බව අමාත්‍යාංශ ආරංචි මාර්ග සෙනසුරාදා ප්‍රකාශ කළේය. 

 

Shari පදනම් කරගත් බෝට්ටු ක්‍රියාකරු Shiretoko Yuransen ගේ සභාපති වූ Seiichi Katsurada, හට බෝට්ටු බලපත්‍රයක් නොමැති වුවත් , සමාගමේ මෙහෙයුම් කළමණාකරු ලෙස සේවය කළ ඔහුට වසර තුනක මෙහෙයුම් පළපුරුද්දක් ඇති බවට ලිපි ලේඛන ඉදිරිපත් කර ඇති බව ආරංචි මාර්ග පවසයි.

 

Katsurada අනතුරින් මිය ගිය අයගේ පවුල්වලට මරණ ප්‍රතිලාභ සහ අවමංගල්‍ය වියදම් ඇතුළුව ගෙවිය යුතු වන්දි මුදල පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පවුල් සමඟ Shari හි පැවැත්වූ කෙටි  රැස්වීමකට සෙනසුරාදා සහභාගී වී තිබේ.

130 Views

Comments