2007 වසරේ සිට CoCo Ichibanya නම් ජපන් ව්‍යංජන අවන්හල් ජාලයේ නිර්මාතෘ වූ Tokuji Munetsugu විසින් හිමිකාරිත්වය දැරූ මෙම Stradivarius වයලීනය 1714 ඉතාලි ශිල්පීන්ගේ "ස්වර්ණමය කාලපරිච්ඡේදය" තුළදී Antonio Stradivari නම් ශීල්පියා විසින් නිර්මාණය කරන ලද්දක් බව පැවැසේ .
"da Vinci, ex-Seidel" ලෙස නම් කර මෙලෙස වෙන්දේසියට ඉදිරිපත් කරනු ලැබූ වයලීනය නිව් යෝර්ක් නගරයේදී ඩොලර් මිලියන 15,340,000 මුදලකට අලෙවි වී ඇති බව Tarisio Auctions බ්‍රහස්පතින්දා ප්‍රකාශ කළේය.
මෙම උපකරණය වරක් 20 වැනි සියවසේ විශිෂ්ඨතම වයලීන වාදකයෙකු වන Toscha Seidel සතුව තිබූ අතර, 1939 දී Oscar සම්මානලාභී "The Wizard of Oz" චිත්‍රපටයේ හඬ පටය වාදනය කිරීමට ඔහු විසින් භාවිතා කර තිබේ.