ප්‍රථම වරට පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ න්‍යෂ්ටික අවි තහනම් රැස්වීම 


න්‍යෂ්ටික අවි වලට විරුද්ධව එක්සත් ජාතීන් රැස්වෙයි

.

Nagasaki නගරාධිපති Tomihisa Taue මෙන්ම හිරෝෂිමා නගරාධිපති Kazumi Matsui ද ලබන මාසයේ Vienna හි පැවැත්වීමට නියමිත න්‍යෂ්ටික අවි තහනම් කිරීමේ එක්සත් ජාතීන්ගේ ගිවිසුමේ පාර්ශවකරුවන්ගේ පළමු රැස්වීමට සහභාගී වීමට නියමිත බව නගර රජය විසින් සඳුදා ප්‍රකාශ කොට තිබේ .

 

"රුසියාවේ යුක්‍රේන ආක්‍රමණයෙන් පසු දැඩි වෙනස්වීම් වලට ලක්වූ ආරක්ෂක තත්වයන් මධ්‍යයේ වුවත් න්‍යෂ්ටික අවි භාවිතය නැවැත්වීම පිළිබඳ ජාත්‍යන්තර මහජන මතය අප විසින් මතු කළ යුතුය" යනුවෙන් නගර සභා සාමාජිකයින් සමඟ පැවති රැස්වීමකදී අදහස් දක්‌වමින් Taue පැවසීය.

 

න්‍යෂ්ටික අවිවලින් තොර ලෝකයක් සඳහා ගිවිසුම අත්සන් කර එය අනුමත කරන ලෙසත් නිරීක්ෂකයෙකු ලෙස රැස්වීමට සහභාගී වන ලෙසත් Taue ජපාන රජයෙන් ඉල්ලා සිටියේය.

Comments