ජපානය තුළ සීඝ්‍ර පැතිර යන omicron ප්‍රභේදය හේතුවෙන් ජපන් රජය විසින් ක්ෂණිකව වයස අවුරුදු 5 ත් 11 ත් අතර දරුවන්ට pfizer එන්න එතන නිර්දේශ කරන ලදී. එහි ප්‍රථම අදියර එළඹෙන මාර්තු මස සිට ආරම්භ කිරීමට නියමිත අතර මෙයට මූලික හේතුව වූයේ covid 19 වෛරසය ළමුන්ට බලපාන ආකාරය පිළිබඳව නව තොරතුරු කරළියට ඒම ය.
මෙය වයස අවුරුදු 12 න් පහළ දරුවන්ට covid එන්නතක් ලබා දීමට තීරණය වූ පළමු අවස්ථාව වන අතර සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කොවිඩ් එන්නත ලබා දිය හැකි අවම වයස ප්‍රමාණය අවුරුදු 12 න් පහළට රැගෙන ආ මොහොතේ ම ක්ෂණිකව මෙම තීරණය ගෙන තිබුණි.කෙසේ නමුත් ජපාන අග්‍රාමාත්‍යවරයා ජපාන ජනගහනයෙන් 6% ක ප්‍රතිශතයක් වූ ළමුන්ට මෙම එන්නත් ඉතා ඉක්මනින් ලබාදෙන බව පවසා තිබේ