ඊයේ (28) පෙරවරු 11.00 ට පමණ කියෝතෝ ප්රාන්තයේ Kameoka නගරයේ Hozu ගඟේ යාත්රා කරමින් තිබූ බෝට්ටුවක් පර්වතයක ගැටී පෙරළී ගියේය.
එහිදී බෝට්ටුව පැදවූ සිව්දෙනාගෙන් දෙදෙනෙකු ගඟට වැටී තිබූ අතර ඔවුන් සොයා ඊයේ උදෑසන සිට ම මෙහෙයුම් ක්රියාත්මක කර තිබුණි.
ඒ අනුව ඉන් එක් අයෙකු මියගොස් සිටියදී අද (29) සොයාගන්නා ලදී.
පොලිසිය පවසන පරිදි බෝට්ටුව පැදවූ සිව්දෙනා බෝට්ටුකරුවන් ලෙස වසර තිහක පළපුරුද්දක් ඇති ප්රවීණයන් වේ.